රසායනික අවි ප්‍රහාරයකට මුහුණ දෙන්න පාර්ලිමේන්තුව සූදානම් කරවයි…
රසායනික අවි ප්‍රහාරයක් පාර්ලිමේන්තුවට එල්ල වුවොත් එය වලක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. පසුගිය සතියේ මෙම උපදෙස් ලබා දී ඇත්තේ යුද හමුදා විශේෂඥ කණ්ඩායමක් විසිනි.
ගුවන් හමුදා නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරව සිටින නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදී ඇත.
රසායනික අවි සම්බන්ධයෙන් මෑත කාලයේ කතාබහක් මතුව ඇති නිසා රටේ වත්මන් තත්වය ද සැළකිල්ලට ගෙන ආරක්ෂිත පියවරක් ලෙස මෙම උපදෙස් ලබා දී ඇති බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ.
රසායනික අවි ප්‍රහාරයකට මුහුණ දෙන්න පාර්ලිමේන්තුව සූදානම් කරවයි…
2023-04-16T13:08:00+05:30
Gossip Lanka Hot News






