gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැමට කලින් අලුත් අවුරුදු සුබ පැතුම ජනපතිගෙන්.. ගියවර පෝලිමේ අවුරුදු මතක් කරයි..

සියලු භේද දුරැර නව දැක්මකින් පෙරට යමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. පක්ෂ පාට ජාති ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කරන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි.

සියලු ජනතාව එකම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රිකත්වයේ අපේක්ෂාවෙන් පෙරදැරිවය.

පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටය. අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමිනි.

අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමටය.

එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණි.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටය.

සුබ අලුත් අවුරුද්දක් වේවා !

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka