රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙක්.. අමෙරිකාවට තර්ජන එල්ලවන්නේ අමෙරිකාවෙන්ම බව ට්‍රම්ප් කියයි
අමෙරිකාවට තර්ජන එල්ලවන්නේ රුසියාව හෝ චීනයෙන් නොව අමෙරිකාව තුළින්ම බව එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකාවේ FOX රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙකු බවය.
වත්මන් අමෙරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා රුසියාව හෝ චීනය නොව රට තුළම ජීවත්වන අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
"අමෙරිකාවේ ප්‍රධානම ප්‍රතිවාදියා චීනයද? රුසියාවද? උතුරු කොරියාවද? මම කියනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ රට තුළ. අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම්. අපිට රුසියාව, චීනය එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන්. මං කළා. මං චීනයෙන් ඩොලර් බිලියන ගණන් අරගත්තා. කිසිම ජනාධිපති කෙනෙක්ට බැරි වුණා. ඔවුන්ට මට ගෞරව කරනවා."
එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නෝර්ඩ් ස්ට්‍රීම් ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතියේ සිදුවූ පිපිරීම රුසියාව සිදු නොකළ බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේය.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙක්.. අමෙරිකාවට තර්ජන එල්ලවන්නේ අමෙරිකාවෙන්ම බව ට්‍රම්ප් කියයි
2023-04-13T08:36:00+05:30
Gossip Lanka Hot News






