gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මරණීය අනතුරක් සිදුවූ බදුල්ල බිග් මැච් රෝඩ් ෂෝ එකේ දී අතක් බිඳී රෝහල්ගත දරුවෙක් ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායමට තිත්ත කතාවෙන් බැනලා…

පසුගියදා බදුල්ලේ පැවති බිග්මැච් රෝඩ් ෂෝ එකේදී තුවාල ලැබ මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර කරන දරුවන් පස්දෙනා අතරින්  අතක් බිදී ඇති දරුවාට ප්‍රතිකාර කිරීමට යාමේදී එම දරුවා පරුෂ වචනයෙන් වෛද්‍ය කණ්ඩායමට බැණ වැදී ඇතැයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳව කළ විමසීමක දී  බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ   සඳහන් කළේ එම සිසුවා බැන වැදුනේ තමන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට බවත් මේ දරුවා මෙලොවට බිහි කිරීම සඳහා ඔහුගේ මවට සිසේරියන් සැත්කම සිදුකරනු ලැබුවේත් තමා විසින් බැවින් මෙම බැණවැදීම තමන්ට තදින් දැනුන බවය.

ශිෂ්‍යත්ව විභාගය සමත්ව බදුල්ල නගරයට පැමිණෙන දරුවන්ට මෙම පරිසරය දරා ගැනීමට නොහැකි ආකාරය තමන් නිරීක්ෂණය කර ඇති බව පවසන වෛද්‍යවරයා නගර තුළ ඔවුන් බිලිබා ගැනීමට යම් තරුණ කණ්ඩායම් බලා සිටින ආකාරය පෙන්වා දුන්නේය.

මෙම තරුණයින්ගෙන් දරුවන්ට ලැබෙන්නේ නොහොබිනා ආදර්ශයන් බැවින් ඔවුන්ව මෙම ව්‍යසනකාරී පරිසරයෙන් ගලවා ගැනීමට වහාම තමා ඇතුළු වෛද්‍ය  කණ්ඩායම් බදුල්ල පාසල් විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් කීප වරක් ඉල්ලීම් කළද ඒ කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදුන් බව වෛද්‍ය පාලිත රාජපක්ෂ  සඳහන් කරයි.

 බදුල්ල ප්‍රදේශය  පුරා පාසල් දරුවන් හා තරුණ කොටස්  අතර  මේ වන විට මත්ද්‍රව්‍ය සහ මත්පෙති විශාල වශයෙන් සංසරණය වන බවත් මෙය වළක්වා ගැනීමට වහාම කටයුතු නොකළහොත් රට  යහපත් අනාගත පරපුරක් නොමැති වනු ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
-ශ්‍රියානි විජේසිංහ 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka