gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාතාලයට සහ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුද්ගලයන්ගේ ගොදුරක් නොවන්න - පොලිස් ඇමති නවක පොලිස් නිලධාරීන්ට කියයි

තම රාජකාරී දිවිය තුල දූෂිතයින්ගේ ගොදුරක් නොවී, රටේ සාමය ඇතිකිරීමට දායක වීම නවක පොලිස් නිලධාරීන්ගේ වගකීමක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ, කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පාඨමාලාව හැදෑරූ උප පොලිස් පරීක්ෂකවරුන් 189 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“ඔබ ඒ පොලිස් ස්ථානවලට ගියා ම ඔබව ගොදුරක් කර ගන්න බලන් ඉන්න පුළුවන්. එදාට කෙලින් ඉන්න. හරි දේ කරන්න. එවිට ඔබගේ දෙමව්පියන්ට අදටත් වඩා එදාට ආඩම්බර වෙන්න පුළුවන්.

පොලිසිය කියන්නේ මේ රටේ සාමය ආරක්ෂා කරන්න ඕන, නීති ගරුක වෙන්න ඕන, අවංක වෙන්න ඕන.

අද ඉඳන් විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වේවි. ඔබ පොලිස් ස්ථානවලට ගියා ම ඒ ප්‍රදේශවල ඉන්න පාතාලයට සහ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුද්ගලයන් ඔබ වටා සැරිසරන්න ගනීවී. බලපැම් කරන්නත් ගනීවි. කවදාවත් ඒ උදවියගේ ගොදුරක් බවට පත්වෙන්න එපා. හැකි හැම විට ම මහජනයාට ආදර්ශයක් වන ලෙස වැඩ කරන්න.”

මෙහිදී පිරිමි ආධුනික උපපොලිස් පරීක්ෂකවරුන් 167 දෙනෙකු සහ කාන්තා 22 දෙනෙකු වශයෙන් 189 දෙනෙක් විසිර ගියහ.

අතිදක්ෂතම ආධුනික උපපොලිස් පරීක්ෂකවරයා ලෙස චරිත් රජීව ද අතිදක්ෂතම ආධුනික උපපොලිස් පරීක්ෂකවරිය ලෙස තිළිණි සිරිවර්ධන ද සම්මාන දිනා ගන්නා ලදී.

දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුනික උපපොලිස් පරීක්ෂක ආර්.එච්.ජී.ඩී. ප්‍රේමචන්ද්‍ර ද දක්ෂතම වෙඩික්කාරිය ලෙස විශ්මි නිමේශා ද සම්මාන දිනා ගන්නා ගත්තේ ය.

පෙරේදා දිනයේ (20) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද විශේෂ ආරාධිතයින් ලෙස එක්ව සිටියේය. එසේම, විසිර යනු ලැබු උප පොලිස් පරීක්ෂකවරුන්ගේ දෙමව්පියන් සහ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka