gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උඩුගුවනේ දී තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වෙයි… ගුවන්ගතවී පැයකට පසුව යළි කටුනායකට!

ගුවනේ දී කාර්මික  දෝෂයකට ලක් වීම හේතුවෙන් තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලින් ගුවන්ගත වී පැය 01 විනාඩි 07කට පසු නැවත වරක් කටුනායක ගුවන්තොටුපල වෙත හරවාගෙන පැමිණ තිබේ.

මෙසේ හරවාගෙන පැමිණ තිබුනේ ඊයේ (21) කටුනායක ගුවන්තොටුපලින් ගුවන්ගතවූ  UL 225 කාණ්ඩයේ A 330 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයා බස් ගුවන් යානයකි.


කටුනායක ගුවන්තොටුපලින් ඊයේ සවස 6.27ට ගුවන්ගත වූ යානයේ මගීන් 256ක් සහ කාර්යමණ්ඩලය 13ක් ගමන් කරමින් සිට ඇත.

ගුවනේ දී යානය තුළ සිදුවූ පීඩන දෝෂයක් හේතුවෙන් අතරමැද ගමන නැවැත්වූ යානය යළි කටුනායක ගුවන්තොටුපල කරා රැගෙන එන්නට ගුවන් නියමුවා විසින් තීරණය කර තිබේ.

අනතුරුව යානය ඊයේ රාත්‍රී 7.33ට යළිත් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබේ.  අනතුරුව ගුවන් මගින් අවට හෝටල් වෙත යොමු කර ගුවන් යානය යථා තත්ත්වයට පත්කිරීමට ගුවන් ඉංජිනේරුවරුන් කටයුතු ආරම්භ කර ඇත.

අනතුරුව UL 225 කාණ්ඩයේ A 330 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයා බස් ගුවන් යානයකින්ම අද දහවල් 11.33ට මගීන් ඩුබායි වෙත පිටත් කර යවා ඇත.

මේ එක දිගට වාර්තා වූ මෙවැනි තුන්වැනි සිද්ධිය වීම ගුවන් සමාගමට බරපතල අපකීර්තියක් අත්කර දී ඇති බව වෘත්තීය සමිති පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka