gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුංචිහේවා අද කියන කතාව

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දෙවතාවක් දින ප්‍රකාශයට පත්කර ඇතත් මේ වන තුරුත් අවශ්‍ය මුදල් මාහාභාණ්ඩාගාරය විසින් නිදහස් නොකිරිම නිසා අනපේක්ෂිත අර්බුද රැසකට මුහුණ දී ඇති බව සඳහන් කරන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා, මුදල් ලැබෙන දිනයක් පෙනෙන තෙක් මානයක දක්නට නැතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මුදල් දෙන තෙක් රජයේ මුද්‍රණාලය මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන්නේ නැතැයිද එම පසුබිම යටතේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දුන් අවස්ථා දෙකම ගිලිහී ගිය බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

මුලින්ම, පළාත් පාලන ඡන්දය මාර්තු 09 වන දින පැවැත්වීමටත්, තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දිනවල සිදු කිරීමටත් නියමිතව තිබූ අතර, එම දිනවල තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම නොකරන බවත්, නැවත සලකුණු කිරීමේ දින පසුව දැනුම් දෙනු ලබන බවත් මැතිවරණ කොමිෂන් සභාව පෙබරවාරි 17 වන දා නිවේදනය කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනතේ 38 (3) වගන්තිය ප්‍රකාරව මාර්තු 09 වන දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය දීර්ඝ කරන බව මාර්තු 03 වන දින මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අප්‍රේල් 25 වන දා දිනය ප්‍රකාශයට පත්කළ මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03 දිනවල සිදුකිරීමට නියමිතව තිබිණි. එහෙත් පසුගිය අයවැයෙන් මැතිවරණ සඳහා වෙන් කළ මුදල මහා භාණ්ඩාගාරය විසින් නිදහස් නොකිරීම හේතුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කිරීමද එම දිනවල සිදු නොකිරීමට තීරණය කිරීමට මැතිවරණ කොමිසමට සිදු විය.

පවතින තත්වය යටතේ දේශපාලන පක්ෂ ලේකම්වරු සමග පසුගිය 23 වනදා පැවති සාකච්ඡාවද පදනම් කරගෙන ඡන්දය පැවැත්වෙන ආකාරය ගැන ඉදිරියේදී දැනුම් දෙන බව සඳහන් කරමින් මැතිවරණ කොමිසම එදිනම නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka