gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යවස්ථා සංශෝධනයක් අතළඟ; ජනපති සමාව දීම පහසුකරයි!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධ යෝජනාවක් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ. ඒ මරණීය දණ්ඩය හිමි වූ වරදකරුවන්ට සමාව දීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහාය.

දැනට ක්‍රියාත්මක වන විධිවිධානය අනුව මරණීය දණ්ඩනයට නියම වූ තැනැත්තකුට සමාව දීම සඳහා ජනාධිපතිවරයා තීරණය කළහොත් ඊට අදාළව එම නඩුව විභාග කළ මහාධිකාරණ විනිසුරුවරයා, නීතිපතිවරයා හා අධිකරණ අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශ ලබාගෙන අදාළ නිදහස් කිරීම සිදු කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවරා තිබේ.

කෙසේවුවද, යෝජිත නව සංශෝධනය අනුව මරණීය දණ්ඩනයට නියමවූවකුට සමාව ලබාදීමේදී එම නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමේ විධිවිධානය ඉවත් කිරීමට නියමිතය.

ඒ වෙනුවට නීතිපතිවරයාගේ සහ අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය මත පමණක් මරණ දඬුවම ලැබූවකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට පැවරීමට සැලැසුම්කර තිබේ.

නව සංශෝධනය කල්ගත වීමෙන් පසුව මුලින් නඩුව විභාග කරන ලද විනිසුරුවරුන් සොයා වාර්තා ලබාගැනීමේ දුෂ්කරතාව නිසා මේ තීරණය ගෙන ඇතැයි ද පැවසේ.

අධිකරණ අමාත්‍යවරයා ලිඛිතව මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඒ සම්බන්ධ යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka