විකුණන්න යන ආයතන 4ක ණයටික ආණ්ඩුවට !
රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ඉටු කරමින් විකුණා දැමීමට සූදානම් වන රාජ්‍ය ආයතන 04ක් ගෙවීමට ඇති රුපියල් කෝටි එක්ලක්ෂ හයදහස් අසූ එකක (රු. 1,060,810,000,000) මුදලක් ජනතාව මත පැටවීමට සූදානම් වී සිටී.
දේශය පුවත්පත වාර්තා කර තිබෙන අන්දමට මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය ලබාගෙන තිබෙන බැංකු ණය රජයට පවරාගෙන අදාල ආයතන විකුණා දැමීමට සැලසුම් කර තිබේ. 2021 වර්ෂය අවසන් වනවිට එම රාජ්‍ය ආයතන 04 සතුව තිබූ මුළු බැංකු ණය තොගය රුපියල් කෝටි එක්ලක්ෂ හයදහස් අසූ එකක් බව එම වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වේ.
මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි තිස්හතර දහස් නවසිය අසූ නවයක් (රු. 349,890,000,000) ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි හයදහස් තිස් හතරක් (රු. 60,340,000,000), ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව රුපියල් කෝටි පනස් හයදහස් එකසිය විසි හතක් (රු. 561,270,000,000) සහ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි අටදහස් නවසිය තිහක් යනාදී ලෙස ආසන්න වශයෙන් ණය තොගයක් සතුව සිටී. මෙම ණය තොගය භාණ්ඩාගාරය වෙත පවරාගෙන ජනතාව මත පැටවීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටී.
-lankatruth
විකුණන්න යන ආයතන 4ක ණයටික ආණ්ඩුවට !
2023-04-02T11:08:00+05:30
Gossip Lanka Hot News





