ආගමන විගමන වැරදිවලට ඩයනාව අත්අඩංගුවට ගැනීමට CIDයට නීතියෙන් බලය තියෙනවා! ඒ නිසා නියෝගයක් නිකුත් කරන්න ඕන නෑ! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක්!
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට චෝදනා ලද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ නඩුවට අදාළව ඇය අත්අඩංගුවට ගැනීමේ බලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බැවින් එය සම්බන්ධයෙන් නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (24) දැනුම් දුන්නේය.
එම සිද්ධියේ පැමිණිලිකාර ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව තිබියදීත් ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවට පෙන්වා දී තිබුණි.
එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ අධිකරණයට පැවරී තිබෙන බලතලවලට අනුව ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරු මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එහි තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විමර්ශන නිලධාරීන්ට බලයක් තිබෙන බවය.
එබැවින් තම අධිකරණය විසින් මීට අදාළව නියෝගයක් නිකුත් කිරීම අනවශ්‍ය බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව නඩුව දිනයක් නොමැති බහා තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.
ආගමන විගමන වැරදිවලට ඩයනාව අත්අඩංගුවට ගැනීමට CIDයට නීතියෙන් බලය තියෙනවා! ඒ නිසා නියෝගයක් නිකුත් කරන්න ඕන නෑ! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක්!
2023-04-24T17:10:00+05:30
Gossip Lanka Hot News





