කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පිනිය ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය අදහස් පල කරයි.
ජාතික රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කළේ අනතුරට සිදු වූ කාලයට වඩා මේ වන විට ජැක්සන් ඇන්තනී මහතාලේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් එමෙන්ම සුව වෙමින් පවතින බවත්ය.
සමාජ මාධ්‍ය වල මේ දිනවල ඔහු සම්බන්ධයෙන් විවිධ කතා පළ වන්නේ ඔහුගේ ප‍්‍රසිද්ධිය භාවිතා කරමින් සමාජ මාධ්‍ය කරුවන් මුදල් ඉපයීම සඳහා බවත් පැවසූ ඇය එසේ උපයා ගන්නා මුදල්වලින් කිසිවෙකු හෝ කුස පුරවා ගන්නා සෑම ආහාර වේලක් පාසාම ජැක්සන් ඇන්තනීට පින් සිදුවනු ඇති බවත් කියා සිටියාය.