gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු නීතිපති දප්පුලගෙන් ප්‍රකාශ ගන්නත් බෑ… ඔහු අත්අඩංගුවට ගන්නත් බෑ… අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු නියෝග  නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝග නිකුත් කර තිබුනේ හිටපු නිතිපතිවරයා විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව .


හිටපු නීතිපති දප්පුල ද ලිවේරා   වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

තෙවරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටීම මගහැරි හිටපු නීතිපතිවරයා අද එම කොට්ඨාසයේ පෙනී නොසිටින්නේ නම් නීති මගින් ක්‍රියාකරන බව ඔහුට ලිඛිතව දන්වා තිබිණි
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka