gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ බැංකුවෙන් අතුරුදන්වූ මුදල් බන්ඩලය ගැන අලුත් කතාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ " නිකුතු සුරක්ෂිතාගාරයේ " තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අද (12) දින එම අංශයේ එදින සේවය කළ 15 දෙනෙකුගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව කොටුව පොලිසිය පවසයි.
ඊට අමතරව සීසීටීවී දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.
රුපියල් ලක්ෂ 50ක් අඩංගු මුදල් බන්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද විසින් ඊයේ(11) එම පැමිණිල්ල සිදුකර ඇත.

මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

මුදල් අඩංගු කර තිබූ රාක්කයේ රුපියල් 5000 මුදල් නෝට්ටු 1000 බැගින් බන්ඩල 8000 පමණ තිබී ඇති අතර ඊයේ දින බිලියන 25 ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත
මේ වන විට කොටුව පොලිසියේ විමර්ශන කණ්ඩායමක් මහ බැංකුව වෙත ගොස් ඊයේ එහි සේවයේ නියුතුව සිටි පිරිසෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවත් උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

50 කින් යුත් මුදල් බන්ඩලය  කිසියම් වූ අත් වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත ගියේද යන්න සැකයක් පවතින බවත්, කෙසේ නමුත් අපරාධයක් සිදු වූ ආකාරයට විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මුදල් ගණනය කිරීමේ පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka