කොළඹ සිට පොලව යටින් අසාමාන්‍ය රේඛාවක්.. රටපුරා භූ කම්පන මාන සවි කරන්නැයි කියයි..
කොළඹ හා ආසන්න ප්‍රදේශයන් ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවි කරන නැති ස්ථානයන්හි ඉක්මනින් ඒවා සවි කළ යුතු යැයි භූගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකාවේ භූමි කම්පා ඇති වීමේ යම් ප්‍රවණතාවක් මේ වන විට ඇතැයි බැලූ බැල්මට පෙනී යන නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද හෙතෙම පවසයි.
මෙම කම්පන මාන සවි කිරීම පමණක් නොව මෙරට සිදු වූ භූ කම්පන ගැන දත්ත රැස් කිරීම ද ආරම්භ කළ යුතු බව ද හෙතෙම කියා සිටී.
1966දී සිදු කරන ලද පරීක්ෂණයක් මඟින් ශ්‍රී ලංකාවේ කොළඹ සිට රට අභ්‍යන්තරයට පොලව යට දිව යන අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාවක් හඳුනාගෙන තිබූ බවත් ඒ කුමක්දැයි චන්ද්‍රිකා මගින් හඳුනාගෙන නොතිබූ බවත් එවැනි කරුණු පිලිබදවද අධ්‍යනය කළ යුතු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කොළඹ සිට පොලව යටින් අසාමාන්‍ය රේඛාවක්.. රටපුරා භූ කම්පන මාන සවි කරන්නැයි කියයි..
2023-04-02T10:08:00+05:30
Gossip Lanka Hot News





