අත්අඩංගුවට ගන්නත් එපා! ගෝඨාගෝගම නඩුවේ සැකකරුවකු කරන්නත් එපා! නීතිපති දීපු නිර්දේශයට එරෙහිව අභියාචනාධිකරණයෙන් දේශබන්දුට සහනයක්!
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණි.
අත්අඩංගුවට ගන්නත් එපා! ගෝඨාගෝගම නඩුවේ සැකකරුවකු කරන්නත් එපා! නීතිපති දීපු නිර්දේශයට එරෙහිව අභියාචනාධිකරණයෙන් දේශබන්දුට සහනයක්!
2023-04-24T17:22:00+05:30
Gossip Lanka Hot News