gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට තෙල් පිරිපහදුවක් දාන්න ආපු සමාගමක් ලියාපදිංචි වී තිබුණේ නයිජීරියාවෙ මුඩුක්කුවක – අනුර කුමාර

හම්බන්තොට තෙල් පිරිපහදුවකට ඉදිරිපත් කර තිබූ එක් සමාගමක් සම්බන්ධව තොරතුරු සොයාගෙන යන විට එම සමාගම පිහිටා තිබූ ස්ථානය ලෙස දක්වා තිබුණේ  නයිජීරියාවේ මුඩුක්කුවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
රටින් හොරකම් කරගෙන පිටරට සඟවා ඇති කළු සල්ලි ආයෝජන විලාශයෙන් යළි රටේ සම්පත් මිලදී ගැනීමට පැමිණෙන ආකාරය හෙළිදරව් කරමින් ඔහු මෙම ප්‍රකාශ කළේ අද (02) සවස හලාවත තිබූ ජන රැළිය අමතමිනි.

ඔහු මෙසේ ද කීවේය.

“හම්බන්තොට තෙල් පිරිපහදුවකට සමාගම් හතක් ආවා කියලා නම් හතක් දැම්මා. අපි බැලුවා සමාගම් හත ගැන. එක සමාගමක  ඇඩ්‍රස් එක ගූගල් කරලා බලනකොට ඒ සමාගමේ ලියාපදිංචි ලිපිනය තියෙන්නෙ නයිජිරියාවෙ මුඩුක්කුවක.”

“අපේ පිරිපහදුක් දාන්න එන සමගාම. තියෙන්නෙ නයිජීරියාවෙ මුඩුක්කුවක. බොරු නම් දාලා මේ එන්නේ රටින් ඇදපු කළු සල්ලි.”

“ලෝකයේ දූෂණය ගැන වංචාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විවිධ ප්‍රඥප්ති සම්මත කරනවා. ලෝක බැංකුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලෝකයේ වංචාව ගැන අවධානය යොමු කරලා තියනවා.

හොරකම් කළ ධනය පිටරවල හංගගෙන ඉන්න  අයට මේව මෙහෙට ගේන්න ඕන. ඒ නිසා  කොහේ හරි තැනක සමාගමක් ලියාපදිංචි කරනවා.

ලෝකයේ තියනවා සමාගම් ආකෘතියක්. ඒ ආකෘතිය අනුව ඒ සමාගමේ අයිතිකාරයා කියන්න ඕන නෑ. එහෙම ලියා පදිංචි කරලා හොරකම් කළ ඩොලර්වලින් රාජ්‍ය ආයතන මිල දී ගන්නවා.”

ලාභ ලබන ආයතන පවා මෙලෙස විකිණීමට දමා එම ආයතන විනාශ කළ පාලකයින්ම රජයට ව්‍යාපාර කළ නොහැකි බව පවසමින් ඔවුන්ගේ කළු සල්ලිවලින් එම ආයතන මිල දී ගැනීමේ කූට ව්‍යාපෘතියක් මේ සියල්ල යටින් දියත් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කීවේය.

ඔහු පෙන්වා දුන්නේ මෙතෙක්  මේ රටේ තේ වතු ටික ඇතුළුව  පුද්ගලකරණය කළ බොහෝ ව්‍යාපාර විනාශයට පත්වූවා මිස තිබූ තැනින් දියුණු වූයේ නැති බවය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka