නීතීඥ සංගමයේ අලුත් සභාපතිත් වැඩ පටන් ගනී! ත්‍රස්ත පනතට එරෙහිව උසාවි යන්න සූදානම්! පනත අධ්‍යයනයට විශේෂ කමිටුවක් පත් කරයි!
රජය ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
එහි නව සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පවසා ඇත්තේ, ගැසට් කර තිබෙන පනත් කෙටුම්පත පිළිබදව අධ්‍යයනය කිරීම සදහා ජ්‍යේෂ්ඨ නීතීඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් දැනටමත් පත් කර ඇති බවයි.
පත්කර තිබෙන කමිටුව සතියක් තුළ ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කළ යුතුව ඇති අතර, යෝජිත නව ත්‍රස්ත පනත තුළ යම් ගැටළුවක් ඇති බව අදාල කමිටුව විසින් සොයා ගනු ලැබුවහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව නීතීඥ සංගමයේ සභාපති පවසයි.
ඉදිරිපත් කර තිබෙන නව ත්‍රස්ත පනතට එරෙහිව සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් රැසක් මේ වනවිටත් සිය දැඩි විරෝධය රජයට ප්‍රකාශ කර තිබේ.
නීතීඥ සංගමයේ අලුත් සභාපතිත් වැඩ පටන් ගනී! ත්‍රස්ත පනතට එරෙහිව උසාවි යන්න සූදානම්! පනත අධ්‍යයනයට විශේෂ කමිටුවක් පත් කරයි!
2023-04-02T20:44:00+05:30
Gossip Lanka Hot News





