විපක්ෂයේ දැවැන්ත බලවේගයක් නිර්මාණය වෙයි.. සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක්
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට අද පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
"විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින් සමඟ අද සාකච්ඡාවක් පැවැත්වූවා. ඉදිරියේදී එන මර්ධනකාරී පනත්වලට විරුද්ධවෙන්න ඒ පනත් හකුළාගැනීම සඳහා වැඩ කටයුත්තක් සංවිධානය කිරීමට එකඟතාවය ඇතිකෙරුවා. දැවැන්ත විපක්ෂ ඒකාබද්ධ සන්ධානයක් ගැන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද අපි සාකච්ඡා කළා. විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂ අද ආවා. ඒ පක්ෂවල නායකයින් ආවා. සියයට සීයක් සියලු පක්ෂ එකඟ වුණා. පොහොට්ටුවෙන් කැඩිලා ගිය කට්ටියත් ඉන්නවා. අපිට කියලා තියෙන්නේ විපක්ෂයේ ඉන්න. අපිට ඡන්දය දුන්න ජනතාව ජාතික ආණ්ඩුවට වරමක් දීලා නෑ. ඒ නිසා අපි විපක්ෂයේ ඉන්නවා. ඊළඟ ජනාධිපතිවරණය වෙනකල් මේ සන්ධානය යනවා."
-adaderana
විපක්ෂයේ දැවැන්ත බලවේගයක් නිර්මාණය වෙයි.. සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක්
2023-04-24T17:24:00+05:30
Gossip Lanka Hot News





