gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් බැසිල් එන බව කියයි..

මීලගට ජනාධිපතිවරණය කැඳවන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ පිරිසක් සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා විසින් නුදුරේදීම තම ඇමරිකානු පුරවැසි භාවයද ඉවත් කර ගැනීමට සුදානමක් ඇති බව ද හෙතෙම කියා සිටියි.
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක වීම වැළැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක් තමන් වෙත දිනා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඇමතිධුර හා වෙනත් වරප‍්‍රසාද තනතුරු බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka