gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට ගිය ඇදුරෝ 122ක් කෝටි 24 ක් පොලු තියලා

පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික  විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු   බවද   එම වාර්තාවේ දැක්වේ.

අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්වය ඉදිරියේදී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය.

මේ තත්වය මේ දක්වාම නිවැරදිවී නැතැයිද  විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ

මේ අතර  විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු සඳහා අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසාන පර්යේෂණ වාර්තාවක් හෝ ගැනීමකින් තොරව   පර්යේෂණ දීමනා ලෙස රුපියල් අට කෝටි තිස් හත් ලක්ෂයක  මුදලක් ගෙවා ඇතැයි  එම විගණන කාර්යාලය පවසයි.

පර්යේෂණ  කළමනාකරණ කමිටු අනුමැතියකින් තොරවඑම පිරිසට මෙම පර්යේෂණ දීමනා ගෙවා ඇතැයි  පැවසෙන්නේ 2014 වර්ෂයේ නොවැම්බර් 1 වැනිදා සිට 2022 වර්ෂයේ අගෝස්තු 31 වැනිදා  දක්වා
කාලයේදීය.

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka