පොලිසිය හොරු අල්ලනවද? හොරු පොලිසිය අල්ලගෙනද? ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහර දී කෝටි 3ක රත්තරන් පැහැරගත්ත සිද්ධියකට CID එක මෝදර පොලිසියේ 8කගෙන් කටඋත්තර අරන්!
ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහර දී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුතු රත්රන් කිලෝ දෙකක් පැහැර ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මෙසේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, කොට්ඨාශ අපරාධ බුද්ධි ඒකකය සහ මෝදර පොලිසියේ අපරාධ අංශය යන අංශවල උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිවු දෙනෙකුගෙනි.
පොලිසිය හොරු අල්ලනවද? හොරු පොලිසිය අල්ලගෙනද? ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහර දී කෝටි 3ක රත්තරන් පැහැරගත්ත සිද්ධියකට CID එක මෝදර පොලිසියේ 8කගෙන් කටඋත්තර අරන්!
2023-04-13T08:26:00+05:30
Gossip Lanka Hot News