gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගධර අමරසිරි කලංසූරිය දිවිගමන නිමකරයි

සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද(01) උදෑසන අභාවප්ප්‍රාප්ත වූවා.

මියයන විට ඔහු 83 වන වියෙහි පසුවුණා.

ඔහුගේ වියෝව පිළිබඳව දයාන් විතාරණයන් මෙලෙස සටහනක් තබා තිබුණා...

ආදරණීය කලං අයියා හිතුවක්කාර සිනමා මතකයන් සමගින් අද උදෑසන අභාවප්‍රාප්ත වූවේය ............................

සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගධර අමරසිරි කලංසූරිය අද දින අභාවප්‍රාප්ත වූවේය.

සිංහල සිනමාවේ වෙනස්ම ආකාරයේ පෙම්වතෙක් ලෙස පැවති සම්ප්‍රදාය කණපිට පෙරළු නළුවෙක් ලෙස ප්‍රකට ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය. ඔහු "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල" යන චිත්‍රපටවල රඟපෑ අතර "අහස් ගව්ව" චිත්‍රපටයේ රංගනයෙන් ඉතා ජනප්‍රියත්වයට පත් විය. "බඹරු ඇවිත්" හි සනත්, "පොඩි මල්ලි" හි බර්ටි, "අනූපමා" හි රජී අයියා, "අපේක්ෂා" හි නිමල්, "පරිත්‍යාගය" හි ධානප්‍රේම, "සිංහබාහු" හි සිංහබාහු, "යස ඉසුරු" හි සුරංග, "පෙම් රජ දහන" හි සාජන්ට් ජයතිලක සහ "වජිරා" හි නිමල් වැනි චිත්‍රපටවලින් ඉහළම ජනප්‍රියත්වයට පත් ඔහු සිංහල සිනමාවේ කිසිදින අමතක නොවන චරිතයකි.

"පූජා" චිත්‍රපටයේ ගීතා කාන්ති ජයකොඩිගේ සහෝදරයා නොහොත් ජෝ අබේවික්‍රමයන්ගේ පුතු ලෙස ඔහු රංගනය කළ අනුවේදනීය චරිතය ද අද්විතීය වේ. පසුකාලීනව ද "කේසරා" වැනි චිත්‍රපට කිහිපයක ඔහුගේ වැඩිහිටි රංගනයන් දක්නට ලැබුණේය. "හිතුවක්කාර තාරුණ්‍යයේ හැත්තෑවේ දාංගලය" නමින් විරුදාවලී ලත් ඔහු 1983 වසරේ ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන "දිමුතු මුතු" හි ජයසේනගේ චරිතයෙන් මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙස ඉතිහාස ගත වූවේය. ඔහු සිසිල් ගුණසේකරගේ "ගුවන් කරණම්" වේදිකා නාට්‍යයේ ද රඟපා ඇත.

දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වන කලං අයියාට 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර මේ වසරේ දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය. කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලං අයියා වෙනුවෙන් පුද කර ඇති අතර 2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලද්දේය.

ඔහු ඉකුත් වසරකදී ඉතා ගිලන්ව දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබා, අනතුරුව අප සැමගේ ආදරය සමගින් වත්මන සුවය ලබා සිටීම සතුටකි. එම දිනවල ඔහු මෙලොව හැර ගිය බවට ද දෘෂ්‍යමාන පුවත් මුහුණුපොතෙහි පළ වූ අතර එයම ඔහුට ආශීර්වාදයක් වී ඔහු සුවය ලබන්නට ඇතැයි සිතේ. කෙසේ නමුදු එදා සාවද්‍ය වූ ඒ පුවත් අද සැබෑවක් වී සැබෑවටම මේ සිනමා හිතුවක්කාරයා අපෙන් සමුගෙන ගොස් ඇත.

ඔහුගේ පුත් දුමින්ද කලංසූරිය දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. මෙම ඡායාරූප මා විසින් ගනු ලැබුවේ ඉකුත් සරසවිය සම්මාන උළෙලකදී වන අතර, එය මා ඔහුගේ අලේඛ්‍ය ඡායාරූප ගත් එකම අවස්ථාව ය.

ආදරණීය කලං අයියේ ඔබට නිර්වාණ සුවය වැඩි ඈතක නොවේවායි පතමි !!!


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka