gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාව ගෝඨාණ්ඩුවට කළ දේ වෘත්තීය සමිතිවලට කරන දවස ළඟයි – පාඨලී

ඇතැම් රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති සිය බලය පෙන්වීම සඳහා ආණ්ඩුව සමග එකට එක කිරීමේ උත්සාහයක නිරත වන බව පෙනෙන්නේ යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මේ රටේ සිටින්නේ ඉතා ම බලගතු ආණ්ඩුවක් පළවා හැරි ජනතාවක් බවයි.

එම ජනතාවට මෙම වෘත්තීය සමිතිවලට ද එලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇතැයි පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි.

එහෙයින් ජනතාව දිනා ගනිමින් බල අරගල වෙත නොගොස් සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට එම වෘත්තීය සමිති කටයුතු කළ යුතු බවයි, ඔහු අවධාරණය කළේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka