gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බදුල්ලේ බිග්මැච් පිස්සුව ජීවිත දෙකක් බිලිගනී! වාහනවල නැගලා පාරේ පිඹගෙන යද්දී කැබ් එක පෙරළෙයි! සිසුන් 2ක් මරුට! 7කට බරපතළ තුවාල!

පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

බදුල්ල  ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.

බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka