ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි මහබැංකුවේ හිටපු අධිපති රජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කළා.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් මෙම තීන්දුව ලබාදුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව අදාළ පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකර තිබුණ.
2006 වසරේ සිට 2015 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් ඇමෙරිකානු ඔත්තුකරුවකු වූ ඉමාඩ් සුරේරි නමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කම්රාල්ට මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකර තිබුණා.