මාලිමා විරෝධතාවට එක්වූ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයකට එක් වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමකට ලක්කර තිබේ.
පසුගියදා අම්පාර ගොනාගොල්ල හන්දියේ දී මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ විදුලි ගාස්තු හා ජල ගාස්තුව වැඩි කිරීම ඇතුළු ජීවන වියදම් ඉහළ දැමීමට එරෙහිවයි.
ුඅම්පාර වෙල්ලාවෙලි පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිටියදී රාජකාරි විවේකය වාර්තා කර කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී රජයට එරෙහි විරෝධතාවට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා මෙම වැඩ තහනම සිදුකර තිබේ.
මාලිමා විරෝධතාවට එක්වූ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි
2023-04-06T16:14:00+05:30
Lanka Hot News






