gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39ක් මාට්ටු

අලුත්ගම  කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක  නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් කෝටි ගණනක මුදල් වංචා කළ  චීන ජාතිකයන්  කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව  අලුත්ගම පොලිසිය කියයි .

තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව අද (1) එම  චීනජාතිකයන් රැඳී සිටි හෝටලයට  පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනා  පෞද්ගලික බස් රථයකින් අලූත්ගම පොලිසිය වෙත රැගෙන ගිය අතර නඩු භාණ්ඩ ලෙස පරිගණක හා  ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකතන රැසක් හා මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය සහ  බුද්ධි අංශ නිලධාරීන්  පරීක්ෂණ සිදු කරයි.

(ලංකාදීප)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka