gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"2015 දී පොදු අපේක්ෂකයා වන්නැයි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ මට ඇමතිකම් ලොකු නැති බව දේශපාලන ළදරුවන් දැන්වත් තේරුම්ගත යුතුය." - රාජිතට විනය පරීක්ෂණයක් තිබ්බා යැයි කියූ මාධ්‍යට සටහනක් තබමින් රාජිත තමන් කව්දැයි කියා දෙයි.

පසුගියදා පුවත් වෙබ් අඩවියක වාර්තා කර තිබුනේ, හිටපු සෞඛ්‍ය ඇමැති  රාජිත සේනාරත්නට එරෙහිව පක්ෂය විසින් විනය කමිටුවක් පැවැත්වූ බවත් එහිදී  විනය කමිටුව රාජිත සේනාරත්න මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඒ මහතා කියා ඇත්තේ තමන් මින්පසු එවැනි ප්‍රකාශ සිදු නොකරන බවත්, 
ආණ්ඩුවට එක්වී ඇමැතිකම් නොගන්නා බවත්, කිසිසේත්ම පක්ෂය හැර නොයන බවත්ය.

නමුත් එම වෙබ් අඩවියේ වාර්තා කර තිබූ පුවත ප්‍රතික්ෂේප කරමින් සහ නිවැරදි කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති  රාජිත සේනාරත්න මහතා සිය පේස්බුක් පිටුවේ  සටහනක් තබමින්  මෙසේ කියා සිටි.

එම සටහන පහතින් 

ලැජ්ජයි මව්රට!
මාධ්‍යයේ නිදහස වෙනුවෙන් එදා සිට පෙනීසිටි පුද්ගලයෙකු ලෙස,
සැබෑ මාධ්‍යවේදියෙකුට හෝ
සත්‍ය වාර්තාකරන මාධ්‍යයන්හට 
කිසිවිටෙක 
මම එරෙහිවී නැත..
මාගේ දේශපාලන ප්‍රතිපත්ති හෝ භාවිතාවන් විවේචනය කිරීමට ඔවුන්ට ඇති නිදහසට ද මම එරෙහි වී නැත.
එහෙත් 
තමන්ගේ මාධ්‍ය අවකාශයෙන්, 
පදනම් විරහිත මඩගසන විට, අප ඊට පිලිතුරු දියයුතුය.
ඊයේ දිනයේ,
රංජිත් මද්දුමබණ්ඩාරගේ මිත්‍රත්වයේ ආරාධනයක් පිලිගනිමින්,
ඔහුගේ නිවසේදී
මම ඔහු හමුවුනෙමි.
ඒ අවස්ථාවට,
කබීර්.. ලක්ෂ්මන් සහ තිස්ස සහභාගි වී සිටි අතර
එය සුහද සාකච්ඡාවක් මිස
විනය කමිටුවක් ලෙස
දැකීම,
මව්රට දුටු සිහිනයක් වියයුතුය..
ලිඛිතව දැනුම්නොදී, නිවාසයක හමුවී සිදුකරන විනය පරීක්ෂණ තිබේද?
ඩයනා ඇතුළු පක්ෂය හැරගිය 15කට අධික මන්ත්‍රීවරුන් පිරිසකට නොපැවැත්වූ විනයකමිටු පවත්වූවා යැයි කියන්නේ, තවමත් පක්ෂයේ සිටින මටද?
(මාගේ හෘදසාක්ෂිය ඉදිරියේ මිස, කිසිවෙකුගේ කමිටු ඉදිරියේ; මාගේ දේශපාලන දැක්ම පිලිබඳව නිදහසට කරුණු පැවසීමේ උවමනාවක් මට නැත)
ප්‍රස්තුත මාධ්‍ය සාකච්ඡාවේදී
මාගේ සම්පුර්ණ කතාව ශ්‍රවණය නොකර,
වැරදි අවබෝධයකට පැමිණි අයෙක් හො කණ්ඩායමක් වේ නම්, 
එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස, 
මගේ ප්‍රශ්නයක් නොවේ..
එම නිසා, "එවැනි ප්‍රකාශ යලි නොකරන බව"ට, කිසිවෙකු ඉදිරියේ පැවසීමට මට උවමනාවක් නැත..
රංජිත් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවේදී,
"යලි එවැනි ප්‍රකාශ නොකරන බවට මා නොපැවසූ අතර
අවශ්‍ය අයෙකුට 
එම පිරිසෙන් කෙනෙකු අමතා 
එහි සත්‍ය අසත්‍යභාවය දැනගත හැක..
ආණ්ඩුවට තනිව එක්වීමේ කිසිදු උවමනාවක් මට නැත..
එසේ තිබුණා නම්,
මෙසේ මතවාදීව පක්ෂය තුල හඬනගන්නේ නැත..
එකම දේශපාලන ප්‍රතිපත්ති දරණ කණ්ඩායම් දෙකක්,
භාවිතාවේ ඇති පරස්පරතා කිහිපයක් පෙන්වමින්,
දෙපිල බෙදීසිටීම,
එම පක්ෂ දෙකේ පාක්ෂිකයන්ට සේම
රටට ද සිදුකරන අසාධාරණයක් බව 
මගේ පළමු හැඟීමයි.
කවුරුන් කැමති වුවත්, අකමැති වුවත්,
මගේ ස්ථාවරය එයයි..
2014දී,
විධායක මහින්දට අභියෝග කර,
ඇමතිකම් අතහැර පැමිණි මට...
"2015දී පොදු අපේක්ෂකයා වන්න"යි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ මට...
ජනාධිපති මෛත්‍රීපාල 
සිරිසේන විසින් දිගින් දිගටම කළ අගමැති ආරාධනාවන්,
කඳවුරේ සමඟිය වෙනුවෙන්
ප්‍රතික්ෂේප කළ මට...
ඇමතිකම් ලොකු නැති බව
දේශපාලන ළදරුවන් දැන්වත් තේරුම්ගත යුතුය.
88/89 ජවිපෙ තුවක්කුව
ඉදිරියේ නොනැමුණු දණ,
එල්.ටී.ටී.ඊ බෝම්බ ඉදිරියේ නොනැමුණු දණ,
රාජපක්ෂ පවුල්බලය ඉදිරියේ නොනැමුණු දණ,
මඩ වෙබ් අඩවි ඉදිරියේ හෝ
දේශපාලන ළදරුවන්ගේ මඩ ඉදිරියේ නැමෙන්නේ නැති බව මව්රටට කිවයුතුය..
තවදුරටත් මම ස්ථිරව කියාසිටින්නේ,
සියලු පක්ෂ එක්වී
යම් කාල රාමුවකට යටත්ව හෝ රජයට සහය වියයුතු බවයි.
එහිදි ස.ජ.බ පෙරමුණ ගතයුතු බවයි..
*මෙම බොරුව පළකළ
වෙබ් අඩවිය ගැන මට කීමට ඇත්තේ,
ඔවුන්ගේ බැඳුම්කර නිරුවත
දන්නෝ දන්නා බව පමණි.

- වෛද්‍ය රාජිත සේනාරත්න 
පාර්ලිමේන්තු මන්ත්‍රී

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka