ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි.. පොහොට්ටු මැති-ඇමති බහුතරය රනිල් තෝරාගනී..
මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. අණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජේෂ්ඨ ඇමැතිවරයෙකු ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු රැසක් මේ සඳහා මුල් වී සිටින බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මෙහෙයුම ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු භාරගෙන ඇති අතර මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරය දරද්දී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගෙන ඇතැයි ද සඳහන් වෙයි.
මේ අතර ආණ්ඩුවේ සිටින කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීගෙන් වැඩිදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද වාර්තා වෙයි.
ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි.. පොහොට්ටු මැති-ඇමති බහුතරය රනිල් තෝරාගනී..
2023-04-01T13:43:00+05:30
Gossip Lanka Hot News






