gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 220ක කතාවට මහින්දානන්දට ලක්ෂ 1000ක් ගෙවන්න වෙයිද? මාලිමාවේ වසන්ත මහින්දානන්දට එන්තරවාසියක් යවයි! (VIDEO)

ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණෙන් ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු වන වසන්ත කුමාර ජයසිංහ සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ සාවද්‍ය ප්‍රකාශවලට එරෙහිව රුපියල් මිලියන 100ක් ඉල්ලා එන්තර්වාසියක් යොමු කර තිබේ.

පසුගිය දිනෙක මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙම අපේක්ෂකයා ලක්ෂ 220ක් සොරකම් කොට මාස දෙකහමාරක් සිරගතව සිට පැමිණි අයකු බවය.

නීතිඥ රංජිත් ප්‍රේමරත්න මගින් නිකුත් කර ඇති එම එන්තර්වාසියෙන් සඳහන් කරන්නේ පොහොට්ටු පමන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත අපහාසාත්මක ප්‍රචාරය හේතුකොට ගෙන තම සේවාදායක අවමානයට සහ දැඩි චිත්ත පීඩාවකට පත් වී ඇති බැව්න් තම සේවාදායකට සිදු වී ඇති එකී මානසික පීඩාව අපහාසය අවමානය සහ අපකීර්තිය මුදලින් රුපියල් මිලියන සියයක (රු: 100,000,000/=) මුදලකට තක්සේරු කරන බවය.

මෙම එන්තර්වාසිය ලැබී දින 14ක් තුළ අදාළ වන්දි මුදල ගෙවිය යුතු බවත් එසේ ගෙවීමට මහින්දානන්ද අලුත්ගමගේ අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව සිවිල් නඩුවක් පවරා එකී මුදල අයකර ගැනීමට නීතිමය පියවර ගන්නා බවද සඳහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka