පළාත් පාලන මැතිවරණය දින නියමක් නැතිව කල් ගිය බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි!
පවත්නා තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද විමසීම ප්‍රකාශිත පරිදි 2023.04.25 දින පැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කරයි.
ඒ අනුව යළිත් වරක් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධව නිශ්ඡිත දිනයක් ප්‍රකාශයට පත් නොකර ඒ සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය හා සෙසු පාර්ශව සමග සාකච්ඡා කර අවශ්‍ය පහසුකම් හා පසුබිම සාක්ෂාත් කර ගැනීමෙන් පසු, ඡන්ද විමසීම සඳහා දින නියම කරගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට අදාලව දැනට අධිකරණයේ පවත්නා නඩුකරය මගින් දී ඇති අතුරු නියෝගය අනුව ඡන්දය පැවැත්වීම කල් දැමීම පිළිබඳව නීතිමය ගැටලුවක් පවතින බැවින් කුමණ ආකාරයකට හෝ ඡන්ද විමසීම කල් නොදැමිය යුතු බවට මැතිවරණ කොමිසම සිය ස්ථාවරය ද එම නිවේදනයේ පල කර ඇත.
මින් පෙර අවස්ථා දෙකක දී ඡන්දය විමසීම සඳහා දින නියම කළ ද ඡන්දය පැවැත්වීමට අදාල ප්‍රතිපාදන නිදහස් කිරීම මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදුකළේ නැත. එසේ ඔවුන් හැසිරී තිබුණේ ඡන්දයට අදාල මුදල් ප්‍රතිපාදන නිදහස් කරන ලෙස අධිකරණ නියෝගයක් ද නිකුත් වී තිබියදී ය.
මැතිවරණ කොමිසම විසින් නිකුතු කළ නිවේදනය පහත දැක්වේ.
පළාත් පාලන මැතිවරණය දින නියමක් නැතිව කල් ගිය බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි!
2023-03-24T08:33:00+05:30
Lanka Hot News





