gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තොපි හිගා කාපියව්” දෙනෝ දාහක් බලාසිටියදී ත්‍රාඩ SSP පොලිස් කාන්තාවන්ට මහ මග දී බැනවදී

නිළ ඇදුමින් ගමන් කළ කාන්තා පොලිස් නිළධාරීනියන් සිවු දෙනෙකුට ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙක් තොපි හිඟාකාපියව් යනුවෙන් අසභ්‍ය ලෙස බැන වැදී ඇතැයි පානදුර පොලිසියේ   ආරංචි මාර්ග සඳහන් කරයි.‍
පානදුර දකුණ පොලිසියේ කාන්තා නිවාසයේ සිට අද (10) උදෑසන  පොලිස් අධිකාරී කාර්යාලය දක්වා පාගමනින් යමින් සිටි කාන්තා නිලධාරිනියන් සිව් දෙනෙකුට මෙසේ බැන වැදී ඇතැයි සඳහන් වේ.

කාන්තා නිලධාරිනියන් සිව්දෙනා පානදුර නගරයේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳ සැලක් ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී අදාල ජේෂ්ඨ  පොලිස් අධිකාරීවරයා දැක ඇති අතර, ඒ මොහොතේ  කාන්තා නිලධාරිනියන් සිය හිස්වැසුම් අතෙහි රඳවාගෙන ගමන්කර ඇති බවද පැවසේ.

එහිදී උරණ වූ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔවුන් නවතා තොප්පි අතේ තියාගෙන යන්නේ,  තොපි හිඟා කාපියව් යනුවෙන්ද පවසා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර , මත්ස්‍ය වෙළෙඳ සැලට පැමිණ සිටී පිරිස් මෙන්ම එහි සේවකයින් ද සිය කාර්යයන් නවතා කාන්තා පොලිස් නිළධාරීනියන්ට බැනවදින දෙස බලා සිට ඇතැයි සිද්ධිය ඇසින් දුටූවෙක් පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිළ රථයේ රියදුරු නිළ ඇඳුමින් සිට ඇති අතර , බැනවදින මොහොතේ ඔහු ලැජ්ජාවෙන් බිම බලාගත් බවද වාර්තා වේ.

කාන්තා පොලිස් නිලධාරිනියන් අදාල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ආචාර නොකිරීම සම්බන්ධයෙන් උරණවී බැනවැදී  ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඇති බිය සහ ලැජ්ජාව මෙන්ම තවදුරටත් රාජකාරි කිරීමේදී ඇතිවිය හැකි බලපැම් හේතුවෙන් කාන්තා නිළධාරීනියන් බියෙන් පසුවන බවද සඳහන් වේ.
-සුමිත් පොතුපිටිය
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka