gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොර නොදුන් නිසා සජබ අපේක්ෂක කෘෂි නිලධාරිනිය ඇනලා මරලා!

පොහොර නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්‌යේෂණ නිලධාරිනියක ඊයේ (27) ‍තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පදිංචි තිස්හැවිරිදි ආර්.එම්. දීපශිකා නම් තරුණියක මෙලෙස මියගොස් ඇත.

මේ දිනවලදී ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හිදී නොමිලයේ ගොවීන්ට පොහොර ලබා දෙන අතර නෙටොල්පිටියේ පිහිටි තංගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ද මෙලෙස පොහොර බෙදා දී ඇත. ‍

මෙලෙස පෙරේදා (26) දිනයේදී ගොවීන්ට පොහොර බෙදාදීමේදී පුද්ගලයකු පොහොර ඉල්ලා නිලධාරිනිය සමග බහින්බස් වී ඇත.

ඔහු ඇයට බැණවැදී එතැනින් පිටව ගොස් තිබිණි.

කෙසේ වුවද ඇය ඊයේ (27) පෙරවරුවේ රැකියාව සඳහා නිවෙසින් පිටත්ව යන අවස්ථාවේදී නිවෙස ආසන්නයේ මග රැක සිටි එම පුද්ගලයා ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇත.

බරපතළ තුවාල ලැබූ කාන්තාව තංගල්ල මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කියයි.‍

ඝාතනය සම්බන්ධයෙන් ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනිබේබි’ නම් නෙටොල්පිටියේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු සැකපිට තංගල්ල මූලස්ථාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමගි ජනබලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka