gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දකුණේ දේශපාලන පවුලක බලය සහිතව සිදුකළ නීති විරෝධී මහා පරිමාණ වැලි ජාවාරමක් වටලයි!

පොලිසිය නිහඬ කරවා   රටේ නීතියත් යටපත් කරමින් දැඩි දේශපාලන බලය සහිතව  කාලයක් තිස්සේ කරගෙන ගිය බලපත්‍ර  රහිත නීති විරෝධී මහා පරිමාණ වැලි ජවාරමක් වටලා පුද්ගලයින් 15 දෙනෙක් සහ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර තොගයක් අත් අඩංගුවට ගැනීමට වලාන පානදුර මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය  හා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය ඒකාබද්ධව කළ වැටලීමකදී සමත් වී තිබේ.

දකුණේ ප්‍රබලම දේශපාලන පවුලකට සම්බන්ධ පුද්ගලයෙකුගේ බලය සහිතව මෙම ජාවාරම කරගෙන ගොස් තිබුණේ අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ජන්සගම ප්‍රදේශයේ අක්කර 05ක සශ්‍රීක කුඹුරු යායක් මැදය.

මේ වනවිට   මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ උපකරණ නිදහස් කරන ලෙස වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ වැටලීම කළ නිලධාරීන්ට  දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇති බවට වාර්තා වේ.

පොලිසියේ ඇස් ඉදිරිපිටම   මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර   සහිත වැඩබිමක් බවට භූමිය  පරිවර්තනය කරගෙන  ඛණිජ වැලි කැණීම සකස් කිරීම, ගබඩා කිරීම සහ විකිණීම මෙම කල්ලිය විසින් එළිපිටම සිදුකරගෙන යමින් තිබිණි.

එවැනි පරිසරයක් තුළ සිදුකළ මෙම වැටලීමේ දී බලපත්‍ර රහිතව අනවසර කැණීම් කර  ලබා ගත් වැලි කියුබ් 500ක්,  කොබෙල්කෝ SK200  වර්ගයේ එක්ස්කැවේටර් යන්ත්‍ර 06ක්, සැමිටමෝ 210 වර්ගයේ  එක්ස්කැවේටර්  01, වැලි සකස් කිරීම සඳහා පිරිසිදු කිරීමට යොදා ගන්නා වොෂින් ප්ලාන්ටර් 01ක්, කැණීම් කරන ලද ඛණිජ වැලි සෝදා පිරිසිදු කිරීමට පෙර ජලය ලබා ගැනීමට උපයෝගී කරගත් වතුර මෝටර් 04ක්, ඛණිජ ද්‍රව්‍ය පිරිසිදු කිරීමට යොදා ගන්නා  වොෂින් ප්ලාන්ට් 03ක් ක්‍රියා කිරවීමට ගන්නා ලද විදුලි ජනක යන්ත්‍ර 03ක්, වැලි හෑරීමට යොදා ගන්නා ලද ස්කැවේටර් යන්ත්‍රවලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැගෙන ඇවිත් තිබුණු ඩීසල් ලීටර 1000ක් සහිත කැන්ටර් යන්ත්‍ර දෙකක් ද පුද්ගලයින් සමග අත්අඩංගුවට පත්විය.

මෙම වැටලීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයේ බලගැන්වීමේ නිලධාරී රසික සංජිව සහ නුවන් මධුසංක යන නිලධාරීන් එක් වී සිටියේය.

- lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka