gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘රෝස මලයි කැඳගොට්ටයි..’ ගැන සනත් නිශාන්ත කියයි

‘අපිට ආවා රෝසමලක් රෝස මලක් කදිම බාලිකා..  අපෙන් ගියා කැද ගොට්ටක් කැද ගොට්ටක් කදිම බාලිකා..’ යනුවෙන් කියමින් දෙපැත්තට බෙදී අපේ බංකොළොත් දේශපාලන පක්ෂවල පෙරමුණේ රාලලා අයි.එම්.එෆ්.ණය මුදල හැඳින්වීමට පටන් ගෙන තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පුත්තලම හලාවත මැරුංගොඩ පැවති රැස්වීමකදී ප්‍රකාශ කරන ලදී.

රාජ්‍ය  අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් ඉදි කරනු ලැබූ පුත්තලම මැරුංගොඩ එක්සත් ප්‍රජාමූල සංවිධානය ප්‍රති ආශ්‍රෑත (නැනෝ තාක්ෂණික) ජල පිරිපහදු යන්ත්‍රාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමිණි. මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය
රටක ප්‍රශ්න තියෙද්දී ජනතාවට කතිරෙ ගහන්න ඡන්දයක් දුන්නො ජනතාව කොහේ කොහේ කතිර ගහයිද කියලා දන්නේ නෑ. ඒ නිසා පළමුව රට සාමකාමී කර දෙවනුව සාමාන්‍යකරණය කර ජනතාවට සුවපහසුව ඡන්ද පොළට යාමට අවස්ථාව සලසා කතිරය ගැසීමට පුළුවන් වෙලාවක් බලා තමයි ඡන්දයක් තියන්න ඕන. දැන් එම පරිසරය නිර්මාණය වී අවසන්. ඒ නිසාම ඡන්දය තැබීම අනිවාර්යයි. අපි එය තියෙනවා.

මෙන්න මේක තමයි ජනතා සේවය රට ඇතුලේ මොන ප්‍රශ්න තිබුණත් ජනතා සේවය අතාරින්න බෑ අන්න එතනයි අපි ඉන්නේ. කරපු වැඩ, කරන වැඩ, කරන්න ඉන්න වැඩ කිසිම විදියකින් අතහරින්න අප සූදානම් නෑ. සමහරු හිතුවා පහුගිය මැයි 09 වෙනිදා අරගලයත් එක්ක පොදුජන පෙරමුණේ දේශපාලනය ඉවරයි කියලා. දැන් තියෙන්නේ අරගලයේ දේශපාලනය කියලා. ඔය අරගල කරන අය දන්නැති දෙයක් තමයි, මේ රටේ ජනතා පරමාධිපත්‍යයේ බලයෙන් තමයි මහජන නියෝජිතයෝ තෝරන්නෙ කියලා. ඔය කියන අරගල කාරයන්ට ඕන විදිහට රටේ ආණ්ඩු පාලනය කරන්න පුළුවන් නම්, ආණ්ඩු කරන්නට ඕන ඕන විදිහට නායකයො හදන්න පුළුවන් නම්, අරගල කාරයන්ට ඕන විදිහට රටවල් බාර ගන්න පුළුවන් නම්, රටක දේශපාලන නායකත්වයන් වෙනස් කරන්න ඡන්දයක් තියන්න අවශ්‍ය වන්නේ නෑ.ඒ සඳහා වියදම් කරන්න අවශ්‍ය නෑ.

ඕන කරන්නේ කුඩු කිලෝ 10 ක් 15 වක්, ගංජා කිලෝ හත අටක්, අරක්කු ටිකක්, ඔය මොනවා හරි මත්ද්‍රව්‍ය ටිකක් තිබුණා නම් අරගලයත් එක්ක හොඳටම ඇති. ඔය ගෝල්ෆේස් පිටියේ හිටපු හුඟ දෙනෙකුට එදා එහෙම පිටියක හිටියා කියලා දැන් මතකයක්වත්  නෑ. කුඩු ගහලා, අයිස් ගහලා සිහි විකල් වෙච්ච කට්ටියක් තමයි එදා හිටියේ. ඒ අය තමයි ගිහිල්ලා සාමාන්‍ය  ජනතාවගෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් හිටපු මන්දිරයක් වට කරලා බලහත්කාරය පෑවේ. අන්තිමට ආරක්ෂක අංශ වලින් වෙඩි තියන්න අවසර ඉල්ලුවා. නමුත් ගෝඨාභය මහත්මයා සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්න අවසරය දුන්නේ නෑ. ඒ වෙනුවට තනතුර අතහැරලා ගියා. ඒ සාමාන්‍ය ජනයා යි අරගල කාරයොයි අතර තියෙන වෙනස හොඳින් දන්න නිසා.

අයි.එම්.එෆ්.එක නරක නෑ. නමුත් අපේ රටට 100% ම හරිම විසඳුම නෙමෙයි. 100% ක් සාධාරණය ඉෂ්ට කරන්නත් නෑ. අයි.එම්.එෆ්.එක ලැබුනම රජයට යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරන්නට වේවි. අපට කිසියම් කැපකිරීමක් කරන්න වෙයි. අපට වැඩ කරපු, පෝස්ටර් ගහපු, මහන්සි වුණු අපේ කෙල්ලන්ට කොල්ලන්ට රස්සා දෙන්න බැරිවෙයි. අහිංසක දුප්පත් මිනිහට දෙන සමෟද්ධි මුද්දරයේ මුදල් ප්‍රමාණය සීමා කරන්න වෙයි. ආධාර උපකාර නතර කරන්න වෙයි. ඒක හරියට ලෙඩකට බොන තිත්ත බෙහෙත් වගේ. හැබැයි බෙහෙත් බොන්න ඕන නැත්නම් ලෙඩේ වැඩි වෙනවා. එහෙමත් නැත්නම් මැරෙනවා. නමුත් අයි.එම්.එෆ්. එකේ මේ කොන්දේසි මගින් රට යථාතත්වයට පත් කිරීමට හැකි වන බව අපට විශ්වාසයි. මන්දයත් මේක ණයප්‍රතිව්‍යුහ  කරන වැඩපිලිවෙලක්. මේ මගින් නැවත රට හැදීමේ හැකියාවක් තියෙනවා. රට දිනවීමේ හැකියාවක් තියෙනවා. රටට ගලා එන මුදල් වලින් ඩොලරය කළමනාකරණය වෙනවා. රුපියලට සාපේක්ෂව ඩොලරයේ පහත වැටේවි. රට නැවත යථා තත්ත්වයට පත්වීමේ ගමන් මාර්ගය මෙයින් නැවත ඇරඹෙනවා. ආනයනය නිවැරදිව කළමනාකරණය වේවි. අපනයන කරන්නට ඉඩකඩ හිමි වේවි. අපේ සමහරු කැමති නෑ මේ ටික වෙනවට. ඇයි එහෙම කියන්නේ කියලයි අපි අහන්නේ. මේ දේවල් සිද්ධ වෙනවට කැමති නැද්ද?

බංකොලොත් වෙච්ච මේ දේශපාලන පක්ෂ හරි අපූරු කථාවක් කියනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ දැන්  පවතින වත්මන් රජය ජන වරමින් පත්වූ රජයක් නෙමෙයි කියන එක. ඒගොල්ලෝ කියන්නේ  එහෙව් ආණ්ඩුවකට අයි.එම්.එෆ්. කියන මූල්‍ය ආයතනයෙන් ණය දෙන්නැති බවයි. ඔවුන් කියනවා අයි.එම්.එෆ්.එක ණය දෙන්නේ මහජන ඡන්දයෙන් පත් වෙච්ච ආණ්ඩුවකට විතරයි කියලා. ඒ හින්ද ඔවුන් කියන්නෙ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කියලා. මේක තමයි ඒගොල්ලන්ගෙ අලුත්ම සටන්පාඨය. ඔව් අපි ඒකට ඇහුම්කන් දෙනවා. ඒ හින්දා අපි ඡන්දයක් පවත්වනවා. බයවෙන්න එපා දැන් එයට පරිසරය නිර්මාණය කර අවසන්.

පී.සී.හෙට්ටිආරච්චි,
මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka