කංචනගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කතාව ජනක ප්‍රතික්ෂේප කරයිතමන් කිසිදු දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමක් භාර නොගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියි.
‘ඩේලි මිරර්’ වෙත අදහස් දක්වමින් ඔහු මෙලෙස පවසා තිබුණේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා විසින් සිදුකර තිබූ ප්‍රකාශයක් හෙළා දකිමිනි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කිසියම් දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව අමාත්‍යවරයා පවසා තිබුණි.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙරට සාමාන්‍ය දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් ලබාදිය හැකි හොඳම උදාහරණය බව සඳහන් කර ඇති රත්නායක මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන් මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නේ ඔවුන්ට සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති නිසා නමුත් තමා එසේ කරන්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඇති සැබෑ චේතනාවෙන් බවත්, මෙම කරුණ ඔවුන්ට විශ්වාස කළ නොහැකි බවත්ය.
(මූලාශ්‍රය : ඩේලි මිරර්)