gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IMF සල්ලි දෙස බලාගෙන ඉන්න ලංකාව තුළ තිබෙන කාල බෝම්බයක් ගැන ILO සඥා කරයි!

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පිළිබඳව දක්වන සැලකිල්ල සමඟම රට තුළ රැකියා පිරුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම පිළිබඳවද එක සේ අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ සිම්රින් සිං  පවසයි.

මේ වනවිට රටේ ජනතාවගේ රැකියා ආර්ථික අර්බුදයෙන් අවදානමට ලක්ව ඇති බවත් විශේෂයෙන් කාන්තාවන් සහ තරුණයන් රැකියා විරහිත බවට පත් වීම කාල බෝම්බයක් හා සමාන බවත් අධ්‍යක්ෂවරිය තවදුරටත් ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතට  පවසා ඇත.

එම පුවත් පතේ ප්‍රධාන කර්තෘ  නිස්තාර් කාසිම් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එලඹෙමින් ඇය තවදුරටත්  අවධාරණය කරන්නේ රටේ බාහිර හා අභ්‍යන්තර මූල්‍ය  තත්ත්වය ස්ථාවර කරමින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වඩාත් තිරසාර මාවතක් ලෙස   රැකියා පොහොසත් පසුබිමක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

“ශ්‍රි ලංකාව  තවමත් ඉන්නේ ආර්ථික අර්බුදයක. එය තවමත් පහව ගොස් නෑ. එය වසර කිහිපයක් අප සමඟ පවතිනු ඇති. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) ආර්ථිකයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර රැකියාවලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඔවුන්ගෙන්. රැකියා අහිමිවීම් වගේම  රැකියා කරන අයට වැඩ කරන පැය ගණන විශාල  ලෙස  අඩුවී තිබෙනවා.   පැහැදිලිවම කාන්තාවන් සහ තරුණයින්ට සිදුවන බලපෑම බරපතලයි. මේවා කාල බෝම්බ..” අධ්‍යක්ෂ සිම්රින් සිං ඩේලි එෆ්ටී වෙත පැවසීය.

“අපට පවතින මූල්‍ය ආකෘතියෙන් ඉවත් විය යුතුයි. එය මිනිසුන්ට එවැනි ආරක්ෂාවක් ලබා දෙන එකක් විය යුතු වුණත් සිදුව ඇත්තේ   ආර්ථික අර්බුදයේදී මිනිසුන්ව අගාධයට ඇද දැමීමයි.  එය රැකියා සුරක්ෂිතභාවය හෝ සෞඛ්‍ය ආරක්ෂණ වැනි  ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති  බරපතල හිඟකමක් . “

“මේ තත්ත්වය තුළ පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී රටේ විරැකියා අනුපාතය දෙවන කාර්තුවේ 4.6% සිට 5% දක්වා වර්ධනය වී ඇති බව   මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.  පෞද්ගලික අංශයේ ඇස්තමේන්තු ඊට වඩා වැඩියි.”

එහිදී තවදුරටත් අදහස් දක්වමින් සිම්රින් සිං   පවසන්නේ ශ්‍රි ලංකාව අද මුහුණ දෙන මෙම අර්බුදය  අතීතයේ බොහෝ වැරදි හෝ අකාර්යක්ෂමතාව නිවැරදි කිරීමට ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කර ඇති බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මූල්‍ය ආයතන, ණය දෙන්නන් සහ ණය ගැතියන් සමඟ රජයට සාකච්ඡා පැවැත්විය හැකි අතර, ඒ සමඟම, රටක් මානව පැත්තෙන් යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් සිං පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka