ඊයෙත් ලියුමක් යැව්වා! රනිල්ගෙන් තවම සාකච්ඡාවක් නෑ! වර්ජනයකට යනවාද? වෘත්තීයවේදීන් අද රැස්වෙයි!
රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙතෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් නොලැබීමත් සමග ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවයකට පැමිණීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වෙයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් දෙන්නැයි ඊයේ දිනයේ යළිත් වරක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි.
මේ අතර, සිය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම්, වැඩ වර්ජනය තවත් දැඩි කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
ඊයෙත් ලියුමක් යැව්වා! රනිල්ගෙන් තවම සාකච්ඡාවක් නෑ! වර්ජනයකට යනවාද? වෘත්තීයවේදීන් අද රැස්වෙයි!
2023-03-31T09:43:00+05:30
Lanka Hot News






