gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මැතිවරණය කල් දැමීමට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන්න” – ජාතික භික්ෂු පෙරමුණ මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි

මැතිවරණ කල් දමමින්, ජනමතය මර්දනය කොට, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම සඳහා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා සංඝ ආඥාවක් නිකුත් කොට ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.                                                        

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත, සභාපති පූජ්‍ය හදුගල රතනපාල හිමිවරු ප්‍රමුඛ භික්ෂු පෙරමුණේ නියෝජිත භික්ෂූන් වහන්සේ පිරිසක් ඊයේ (02) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැක පවතින තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා නාහිමිවරු වෙත සංදේශයක් බාරදීමට පියවර ගත්තා.

ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණි ජාතික භික්ෂු පෙරමුණේ නියෝජිත භික්ෂු වහන්සේ මල්වතු මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි පානන් වහන්සේ බැහැ දැක සංදේශය භාරදුන් අතර උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් නාහිමි දැනුවත් කිරීමට පියවර ගත්තා.                                                                 

ඉන් අනතුරුව උන්වහන්සේ අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද බැහැදැක සංදේශය භාරදීමට පියවර ගත්තා.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි කියා සිටියේ මේ වන විට මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් පාලකයන් විසින් උදුරාගෙන ප‍රජාතන්ත්‍රවාදී මාවත් වසා දමා සවර්ජන ඡන්ද බලය සඳහා ඇති අවස්ථාවන් අහිමි කොට ඇති බවයි.

තවදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද සඳහන් කළා.

“පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මීට වසරකට පෙර පැවැත්විය යුත්තක්. රාජ්‍ය බලය යොදමින් එය දිනෙන් දින ජනතාවට අහිමි කරමින් තිබෙනවා. ජනතා කැමැත්ත අහිමි පාලකයෝ එය ඡන්දය මඟින් ප්‍රකාශය වී බලයෙන් ගිලීහී යන්නට සිදුවන බව දැන දැන ඉන් සැඟවී සිටීම සඳහා ජනතාව සතු ඡන්ද බලය උදුරා ගනිමින් සිටිනවා. ඊට එරෙහි වන ජනතාව ඝාතනය කිරීමට පවා රජය කටයුතු කොට තිබෙනවා. එබැවින් මෙම තත්ත්වය අවසන් කිරීම සඳහා මහා නායක හිමිපාණන් වහන්සේලා මූලික වී ත්‍රෛනිකායික  කාරක මහා සංඝ සභා රැස් කරවා ජනතාව මර්දනය කරන, ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමන දූෂිත පාලකයන් සම්බන්ධව තීරණාත්මක තීන්දුවක් ගන්නා ලෙස මෙන්ම, පළාත් හා ප්‍රාදේශීය නායක හිමිපාණන් වහන්සේලා හා ශාසනික වගකීම් දරන සෙසු මහා සංඝරත්නය හා සඟ සමුළුවක් කැඳවන ලෙසද ජාතික භික්ෂු පෙරමුණ වශයෙන් යෝජනා කළා.”

“එසේ සඟ සමුළුවක් රැස්කොට මහජන හිතෛෂි තීරණයක් ලෙස දැනට දින නියමයක් අහෝසි වී ඇති පළාත් පාලන මැතිවරණය හැකි ආසන්නතම දිනයක පවත්වන ලෙස අදාළ බලධාරීන් වෙත සංඝ ආඥාවක් නිකුත් කරන ලෙසද මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියා. යම් හෙයකින් එය නොසලකා කරන පාලකයින් හා බලධාරීන් වෙත්නම් ඔවුන් සම්බන්ධ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව වෙත කරුණු දක්වන ලෙස ද ජාතික භික්ෂු පෙරමුණ වසයෙන් අපි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. මේ ඉල්ලීම් සම්බන්ධයෙන් මහනාහිමිවරු යහපත් ප්‍රතිචාර අපට දක්වා තිබෙනවා. මහ නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලාගෙන් සංදේශයක් මගින් අපි ඉල්ලා සිටියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් වන ලෙසයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka