gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මිනිස් ජාවාරමේ මහ මොළකරු ජවිපෙ මන්ත්‍රී කෙනෙක් - ඇමති මනූෂ කියයි

තායිලන්තය හරහා විවිධ නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රි ලාංකික තරුණයන් යැවීමේ ජාවාරමේ මහ මොළකරු අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරයකු බව ට දැනට හඳුනාගෙන ඇති බවත් සැඟවී සිටින මොහු අත් අඩංගුවට ගැනීමට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරමින් පවතින බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙම මිනිස් ජාවාරමට වැඩිපුරම ගොදුරු වී ඇත්තේ හම්බන්තොට දිසත්‍රික්කයේ තරුණ තරුණියන් බවත් ඔවුන් පරිගණක හරහා පුද්ගලයන්ගේ රහසිගත තොරතුරු ලබා ගැනීම වැනි භයානක ක්‍රියා සඳහා යොදවා ගෙන ඇති අතර දැනට අත්අඩංගුවට ගෙන ඇති පුදගලයකුට අනුව මෙම මහ මොළකරු හඳුනාගෙන ඇතැයි ද අමාත්‍යවරයා අද (09)   පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු ප්‍රශ්න විමසීමකදී අදහස් දැක්වීය.

එහිදි තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පුද්ගලයා ගේ දේශපාලනය පිළිබඳව අනාවරණළය වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමු‍ණ ඔහු නීතියේ රැහැනට අල්ලා දෙන බව ප්‍රකාශ කළද මෙතෙක් එවැනි දෙයක් සිදුව නැති බවත් පක්ෂයෙන් මොහු පිළිබඳව කිසිදු තොරතුරක් අදාල විමර්ශන අංශවලට  ලබා දී නැති බවද  සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ චීනයෙන් ගෙන්වූ අසූචි පොහොර නැව ගෙන්වීම් ක්‍රියාවලියේ ප්‍රධාන පුද්ගලයකු ලෙස සැලකෙන නිමල් ජයසුන්දර නැමැත්තාද ඊළඟ පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ වත්තල ප්‍රාදේශීය සභාවට තරඟ කරන බවට තොරතුරු හෙළිව ඇති බවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka