gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති උපදෙස් මත පළාත් පාලන ඡන්ද විමසීම අවුරුද්දකින් කල් දැමීමට ආණ්ඩුවේ සැලසුමක්!

පළාත් පාලන ඡන්දය තවත් වසරකින් කල් දැමීම සම්බන්ධව ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදායින් අවසන් වීමට නියමිත අතර එසේ අවසන් වීම සමග සියලු පළාත් පාලනවල බලය පළාත් කොමසාරිස්වරුන් යටතට පත් කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රට මුහුණ පා ඇති වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙම පියවර ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ අනුව ඡන්දයට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට අපහසු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය මුල් කරගෙන ආණ්ඩුව මෙම කරුණ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙම මැතිවරණය පවත්වන්න තිබුණේ පසුගිය 09 දාය. එහෙත් රටේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් අදාල ප්‍රතිපාදන නිදහස් නොකිරීම නිසා නැවත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අප්‍රෙිල් 25 ය. මැතිවරණයට අදාල ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකුත් ලැබී ඇත.

- lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka