gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එදා කොළඹ ආපු ලක්ෂ 4 පාලනය කරන්න බැහැ කියල ගෝඨා පැනල ගියේ - මෛත්‍රි (VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා TNL නාලිකාවේ ජනහඬ වැඩසටහනට සහභාගී වී මෙසේ පැවසුවේය.

"අරගලයේදී හැමදෙයක්ම ගෝඨාභය මහත්තයටත් එනවා, හෙට මෙච්චර සෙනඟ එනවා කියලා බුද්ධි අංශවලින් තොරතුරු. සමහර විට එතුමා හිතන්නට ඇති අද 25000ක් 30000ක් එනවා නම් ඔය වතුර ගහලා ගෑස් ගහලා ඕක එළවන්න පුළුවන්නේ කියලා. නමුත් දන්නෙ නෑ දවල් 12 විතර වෙනකොට ලක්ෂ 4ක් විතර මේක කඩාගෙන ගියා. මං හිතන්නෙ ගෝඨාභය මහත්තයට මොළේ කළඳක් තියෙනවනම් ඔය ජනාධිපති මන්දිරේට වෙලා ඉදී කියලා. 
 
එතුමාට තිබුණා හොඳම දේ කොළඹින් පිට වෙන්න. නමුත් එතුමාට ලැබිච්ච වාර්ථාව මේ දවසේ මෙච්චරක් එනවය කියලා."
 
පාස්කු ප්‍රහාරය සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට යෑමට සිදුවූ වෙලාවේදීද, ඔබ දෙපලටම වඩා අදිසි හස්තයක් මේ තුළ තිබේදැයි මාධ්‍යවේදියා විමසු පසු සිරිසේන මහතා මෙසේ පැවසීය.

"මට හිතෙනවා වෙන්න පුළුවන් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මට වැඩිය බලය වැඩිකරගත්ත එක්කෙනෙක් 20 වෙනි සංශෝධනෙන්. නමුත් 19ට පුළුවන් වුණාද මේ ලක්ෂ 4 පාලනය කරන්න.

රටේ ජනතාවට පීඩා කරලා එහෙම කටයුතු කරන්න ගියාම, අර කියන්නේ මරාගෙන මැරෙනවා කියලා, මිනිස්සුන්ටත් හිතෙනවා මරාගෙන මැරෙන්න. නිදාගෙන ඉන්න බල්ලට පයින් ගැහුවම කකුල හපා කනවනේ.

මේ ප්‍රජාත්‍රන්තවාදය ජනතාවගේ පැත්තෙනුත් වැරදි විදියට පාවිච්චි කරන්න හොඳ නැහැ. මගේ කාලේ ප්‍රජාත්‍රන්තවාදය දෝරේ ගිහින් කියලා කිව්වනේ 19 වෙනි සංශෝධනයත් එක්ක. මට මොන ගැහිල්ලක් ගැහුවද. ඔය ත්‍රස්තවාදි ප්‍රහාරයත් එක්ක මාව බලෙන් එලවන්නත් මොන තරම් විශාල වැඩකොටසක් කලාද සමාජ වෙබ් අඩවි මාව විනාශ කරන්න. අපේ අතපය කපලා ලේ ගලනවා, එහෙම චිත්‍රනේ සමාජ වෙබ් අඩවිවල දැම්මේ."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka