‘සුවසැරිය’ට රජයෙන් මුදල් නෑ... පුවත්පත් දැන්වීම් දමා මහජන ආධාර පතයි
අද ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික අර්බුදය මත මහා භාණ්ඩාගාරයට මෙම සේවය වෙනුවෙන් ප්‍රමාණවත් අරමුදල් ලබාදීම ගැටලුවක්ව ඇති බවයි.
එනිසා මෙම වසරේදී සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවද ඔවුන් කියා සිටිති.
එනිසා මෙම සේවය ආරක්ෂා කර ගැනීම සඳහා ගිලන් රථ නඩත්තුව පෞද්ගලික අංශයේ සහ පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීමට වැඩපිළිවෙළක් දියත් කර ඇත.
ගිලන් රථයක වසරක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5ක් වන බවද ඔවුන් නිවේදනය කර තිබේ.
‘සුවසැරිය’ට රජයෙන් මුදල් නෑ... පුවත්පත් දැන්වීම් දමා මහජන ආධාර පතයි
2023-03-29T18:19:00+05:30
Lanka Hot News






