gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘සුවසැරිය’ට රජයෙන් මුදල් නෑ... පුවත්පත් දැන්වීම් දමා මහජන ආධාර පතයි

රට පුරා නොමිලේ ක්‍රියාත්මක ‘සුවසැරිය’ ගිලන් රථ සේවය නඩත්තු කිරීම සඳහා මහජන ආධාර ඉල්ලා සිටී.

අද ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික අර්බුදය මත මහා භාණ්ඩාගාරයට මෙම සේවය වෙනුවෙන් ප්‍රමාණවත් අරමුදල් ලබාදීම ගැටලුවක්ව ඇති බවයි.

එනිසා මෙම වසරේදී සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවද ඔවුන් කියා සිටිති.

එනිසා මෙම සේවය ආරක්ෂා කර ගැනීම සඳහා ගිලන් රථ නඩත්තුව පෞද්ගලික අංශයේ සහ පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීමට වැඩපිළිවෙළක් දියත් කර ඇත.

ගිලන් රථයක වසරක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5ක් වන බවද ඔවුන් නිවේදනය කර තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka