gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු උපයෝගීතා කොමිසමේ සභාපති පාර්ලිමේන්තු යෝජනාවකින් අයින් කරන්න ආණ්ඩුවේ සූදනමක්!

තමා වෙත පිටු දෙකකින් යොමුකර තිබූ චෝදනා පත්‍රයට පිටු 25කින් පිළිතුරු යොමුකළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පැවසුවේ ජනපති තමන් වෙත එවූ චෝදනා පහකින් යුත් එම චෝදනා පත්‍රයේ ඇතැම් චෝදනා විමතිය දනවන බවයි.

උසස් පෙළ සිසු දරුවන්ට විභාග කාලයේදී විදුලිය ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම එහි පළමු චෝදනාව බවත්, එම නඩුවේදී තමන් බලය ඉක්මවා අත්තනෝමතිකව කටයුතු කළ බව දෙවැනි චෝදනාව බවත් ඒ මහතා කීය.

තුන්වැනි චෝදනාව ලෙස තමන් විදුලිය විකිණීමේ කාර්යක නිරත වන බවට චෝදනා පත්‍රයේ සඳහන්ව ඇති බවත්, පසුගිය පෙබරවාරි 15 වැනිදා විදුලි ගාස්තු සියයට 65කින් ඉහළ දැමීමට කළ යෝජනාවට විරුද්ධ වීම සිවුවැනි චෝදනාව බවත් ජනක රත්නායක මහතා එහිදී පෙන්වා දුන්නා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉලක්ක කරමින් ප්‍රකාශ නිකුත් කළ බව පස්වැනි චෝදනාවේ සඳහන්ව ඇති බවත්, තමන් එම සියලු චෝදනාවට පැහැදිලිව පිළිතුරු සැපයූ බවත් රත්නායක මහතා පැවසුවා.

තමන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113ක ඡන්දයෙන් යෝජනාව සම්මත වියයුතු බව කී ඒ මහතා, එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වී සභාපති ධූරයෙන් ඉවත් කළද ඒ පිළිබඳ කනගාටුවක් නොමැති බව ද පැවසුවා.

ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාව වෙනුවෙන් කටයුතු කළ බවත් ස්වාධීන කොමිසම් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ මෙම චෝදනා පත්‍රයෙන් හොඳ අදහසක් ගතහැකි බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් පවසා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka