2019 වසරේ පාස්කු ඉරිදා පල්ලිවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තමාට එරෙහිව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් කිරීම සහ සිතාසි නිකුත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14) තීරණය කළේය.
මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නියමිත බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එහිදී නිවේදනය කළේය. මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය තවදුරටත් නියෝග කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට ගැනීම සඳහා පූර්ණ හෝ කොට්ඨාශ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මහතා මීට පෙර ඉල්ලා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න සහ පුලස්ති රූපසිංහ සමඟ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේය.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් පෙනී සිටියහ.