ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජර්මනියේ ITB බර්ලින් ජාත්‍යන්තර සංචාරක සහ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අතරවාරයේ මාලදිවයින සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාලදිවයිනෙන් සමාව අයැද සිටියේය.
ජර්මනියේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයිනට සාපේක්ෂව සංචාරකයන් හට ශ්‍රී ලංකාවට පිරිනැමීමට බොහෝ දේ ඇති බවයි.
බර්ලින් නුවරදී අදහස් දක්වමින් සංචාරක අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරකයින් දූපත්වලට සීමා නොවන බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඔවුන්ට කම්මැලි නැති බවත්ය.
ඔහුගේ ප්‍රකාශය ඇතැම් මැති ඇමතිවරුන් ඇතුළු මාලදිවයින් ජාතිකයින් කිහිප දෙනෙකු විසින් හෙළා දකින ලදී.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ සුන්දර මාලදිවයිනේ දූපත් සම්බන්ධයෙන් තමන් බර්ලින් නුවරදී කළ ප්‍රකාශයේ හරය ඉවත් කර සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවයි.
“ලස්සන මාලදිවයිනේ දූපත් සම්බන්ධයෙන් බර්ලිනයේ දී මා කළ ප්‍රකාශය සන්දර්භයෙන් ඉවත් කර සමාජ මාධ්‍යවල වැරදි ලෙස ප්‍රචාරය කර ඇත. අපි සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපගේ අසල්වැසියා සමඟ එක්ව කටයුතු කරන බව පැහැදිළි කිරීමට කැමැත්තෙමි, සිදු වූ යම් අපහසුතාවයක් සම්බන්ධයෙන් සමාව අයැදීමට කැමැත්තෙමි, ”ඔහු වැඩිදුරටත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය ප්‍රනාන්දු කියා සිටියේ මාලදිවයිනේ සුන්දර වෙරළ තීරයන් නැරඹීමෙන් පසු සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව පමණක් අවධාරණය කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

My statement made in Berlin regarding the beautiful Maldive islands has been taken out of context and been misrepresented on social media. I wish to clarify that we work together with our neighbor on tourism and would like to apologize for any inconvenience caused
— Harin Fernando (@fernandoharin) March 13, 2023