gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමැති කංචනට මහින්ද එරෙහි වෙයිද? – වෘත්තීය සමිති නායකයා බේරා ගැනීමේ සටනක!

අනිවාර්ය නිවාඩු යවා ඇති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයා පිළිබඳ ගත හැකි සාධාරණ විසඳුමක් පිළිබඳ සාකච්ඡා කරන්නේ යැයි හිටපු ජනාධිපති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

එම වෘත්තීය සමිති නායකයා තම පක්ෂයට විශාල වැඩකොටසක් කළ කෙනකු බවද ඔහුගෙන් යම් වැරැද්දක් සිදුව ඇතිද යන්න පිළිබඳව තමා තවම දැනුවත් නැතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ පිළිබඳ ඉදිරි පක්ෂ ප්‍රධානීන්ගේ සාකච්ඡාවකදී මාතෘකාවක් කරගන්නා බවද ඊයේ (30) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර බන්දුල සමන් කුමාර මහතා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමට කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ පුද්ගලයෙක්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka