gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටා ඇතුලු පාතාල රොත්ත ලංකාවට ‌ගේන්න ගුවන් සමාගමෙන් කොන්දේසි රැසක්! එක යානයක එක පාතාලයෙක් විතරයි! පාතාලයා ඉන්න සීට් එකට ඉස්සරහා පේළියෙත් පස්සේ පේළියෙත් මගීන් බෑ!

මැඩගස්කරයේ දී එරට ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින මෙරට පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සළිදු යන ප්‍රබල අපරාධකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමේ කටයුතු ප්‍රමාද වෙමින් ඇත්තේ මෙම අපරාධකරුවන් දෙදෙනාව රැගෙන එන ගුවන් යානය පිළිබඳ ගුවන් ගමන් කාල සටහන අදාළ ගුවන් සමාගම විසින් මෙතෙක් ලබා දී නැති නිසා බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම අපරාධකරුවන් දෙදෙනාව මෙරටට රැගෙන ඒමට සිදුව ඇත්තේ සාමාන්‍ය මගී ගුවන් යානයකිනි. ඒ සඳහා ගුවන් සමාගම් සමඟ කර ඇති සාකච්ඡාවලදී එම සමාගම් බොහෝමයක්ම ආරක්ෂක තක්සේරුවක් කරමින් දැනුම් දෙමින් කොන්දේසි රැසක් මේ වන විට ඉදිරිපත්කර තිබේ. ඇතැම් ගුවන් සමාගම් ඉදිරිපත්කර ඇති කොන්දේසියක් වී ඇත්තේ එක් යානාවක ගෙන ආ හැක්කේ එක් අපරාධකරුවෙක් බවය. එසේම එම අපරාධකරු රැඳී සිටින ආසන පේලියේ සහ ඉදිරිපස ආසන පේලිය මගීන්ගෙන් හිස්ව තැබීමට සිදුවන බැවින් එම ආසනවලටද ගෙවීම් කළ යුතු බවට කොන්දේසියක්ද පනවා ඇත. මෙම අභියෝගය ජය ගනිමින් මෙම අපරාධකරුවන් දෙදෙනාව ඉතා ඉක්මණින් මෙරටට රැගෙන ඒමට ක්‍රියා කරමින් සිටින්නේ අපරාධකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයන් විසින් එරට අධිකරණ වෙත මේ ගැන කරුණු වාර්තා කර ඉදිරිපත් කරන තර්ක මුල්කරගෙන මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි අවධානම් තත්ත්වයක් උද්ගත විය හැකි නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka