බැසිල් කාටවත් නොකියා තනිවම ගිහින් රනිල් හමුවෙලා! ඇමැතිකම් ගැනත් කතා කරලා! එයාලට බැරිනම් මෙයාලට දෙන්න කියලා රනිල්ගෙන් ඉල්ලලා! EXCLUSIVE
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ කිසිවකුටත් නොකියා තනිවම ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවක්ද දැනගන්නට තිබේ. මෙහිදී අලුත් කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් බැසිල් රනිල්ගෙන් විමසීමක් කර ඇති බවද දැනගන්නට ඇත.
ඒ පිළිබඳ සිදුවූ අදහස් හුවමාරුවේදී යම් යම් චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදිය නොහැකි බව රනිල් පෙන්වා දෙද්දී බැසිල්, එසේ නම් එම චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නොදී, අනෙක් මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇති බවක්ද ආරංචිය.
නමුත් ඊට රනිල් නිශ්චිත පිළිතුරක් ලබාදී නොමැති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් බැසිල් මෙම යෝජනාව කර ඇත්තේ චෝදනා සහිත මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය සහිතවද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ වී නැත.
-mawratanews
බැසිල් කාටවත් නොකියා තනිවම ගිහින් රනිල් හමුවෙලා! ඇමැතිකම් ගැනත් කතා කරලා! එයාලට බැරිනම් මෙයාලට දෙන්න කියලා රනිල්ගෙන් ඉල්ලලා! EXCLUSIVE
2023-03-25T10:52:00+05:30
Gossip Lanka Hot News






