gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“බේරේ වැවේ වේදිකාවක් හදලා අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

බේරේ වැව මතුපිට වේදිකාවක වුව ද තම පක්ෂයට මැයි දින රැලිය පැවැත්විය හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු දැවැන්ත සංවිධාන ශක්තියක් සහිත පක්ෂයක් බව ද එම නිසා ලංකාවේ ඕනෑ ම තැනක මැයි දින රැලිය දැවැන්තව පැවැත්වීමට තම පක්ෂයට හැකි යැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේය.

ඉදිරියේදී තම පක්ෂයේ මැයි දින රැලිය දැවැන්ත ලෙස පැවැත්වීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බව ද එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ ඉදිරියේදී දැනුම්දෙන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පෙරේදා  (මාර්තු 23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේ ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka